Skip to main content
3.5 :-මිල පාලනය වෙළෙඳපොළ ක‍්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම විමසයි.
කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සඳහා වෙළෙඳපොළ ඉල්ලූම් හා සැපයුම් බලවේග මගින් තීරණය වී ඇති මිල ඇතැම් විට, පාරිභෝගිකයන්ට සහ  නිෂ්පාදකයන්ට අසාධාරණ විය හැකිය.
· මෙවැනි අවස්ථාවන්හි දී ආණ්ඩුව වෙළෙඳපොළ මිල පාලනය කරයි.
· ඒ අනුව මිල පාලනය යනු ආණ්ඩුව විසින් නීතිරීති අණපනත් උපයෝගී කරගෙන කෘත‍්‍රිම මිලක්වෙළෙඳපොළෙහි ඇති කිරීම යි.
· මිල පාලනයක් තුළින් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ එක අතකින් පාරිභෝගිකයාත්, අනෙක්අතට නිෂ්පාදකයාත් ආරක්ෂා කිරීම යි.
· මිල පාලනයේ ස්වරූප දෙකකි.
1 උපරිම මිල නියම කිරීම
2 අවම මිල නියම කිරීම
· වෙළෙඳපොළ මිල යාන්ත‍්‍රණය යටතේ තීරණය වූ සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණ වෙතැයි සිතූ විට ඔවුන්ට සාධාරණත්වය සැලසීම සඳහා ආණ්ඩුව විසින් නියම කරනු ලබන නීත්‍යනුකූල මිල උපරිම මිල සීමාව නමින් හැඳින්වේ.
· ආණ්ඩුව උපරිම මිල සීමා නියම කරනු ලබන්නේ පාරිභෝගිකයන්ට සාධාරණත්වය සඳහා වන බැවින් සමතුලිත මිලට වඩා පහළින් උපරිම මිල සීමා පැනවීම වැදගත් ය.
· එවැනි සමතුලිත මිලට වඩා පහළින් නියම කරනු ලබන උපරිම මිල සීමාව සඵල උපරිම මිල නමින් හැඳින්වේ.
නිදසුන් :- සහල්, පාන් , සිනි , පරිප්පු මිල නියම කිරීම , කිරි පිටි මිල නියම කිරීම, උපරිම ගෙවල් කුලී නියම කිරීම
රූපය 37
· උපරිම මිල සීමා නියම කිරීම නිසා ඇති වන ප‍්‍රතිවිපාක තව දුරටත් පහත පරිදි දැක්විය හැකිය.
1. අධි ඉල්ලූම නිසා වෙළෙඳපොළෙහි භාණ්ඩ හිඟයක් ඇති වීම.
2. නීති විරෝධි කළුකඩ මිල යටතේ භාණ්ඩ අලෙවි කිරීමට තැත් කිරීම.
3. කළුකඩ මිල නිසා පෙර තිබූ සමතුලිත මිලටත් (p) වඩා ඉහළ මිලකට  (p2) භාණ්ඩ
අලෙවි කිරීම.
4. උපරිම මිලත් සමගින් නිෂ්පාදකයන් ගේ ලාභ සීමා වන නිසා එම නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ
කරනු ලබන ආයෝජන සීමා වීම.
5. උපරිම මිල සීමාව නිසා පාරිභෝගික අතිරික්තයට සහ නිෂ්පාදන අතිරික්තයට ද අයහපත් බලපෑමක් ඇති වී සමාජ ශුභ සාධනයට ද හානි වීම.
6. උපරිම මිලක් පාරිභෝගික අතිරික්තයට, නිෂ්පාදන අතිරික්තයට බලපාන ආකාරය සහ ඒ අනුව සමාජ ශුභ සාධනයට සිදුවන බලපෑම පහත ලෙස රූප සටහනකින් දැක්විය හැකිය.
රූපය 38
රූපය 39
උපරිම මිල අර්ථවත් වන්නේ එහි අපේක්ෂිත වාසිය එලෙසින් ම පාරිභෝගිකයාට ලැබේ නම් ය.
· ඒ අනුව උපරිම මිල අර්ථවත් කිරීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග කිහිපයකි.
1 ආනයනය
2 නිෂ්පාදකයන් දිරිගැන්වීම
3 සලාක කිරීම
· උපරිම මිල නියම කිරීම නිසා ඇති වන අධි ඉල්ලූම හේතුවෙන් වෙළෙඳපොළහි ඇති වන භාණ්ඩ හිඟයට පිළියම් වශයෙන් භාණ්ඩ ආනයනය කළ හැකි ය. එසේ කිරිමෙන් උපරිම මිල පැනවීමේ වාසි පාරිභෝගිකයාට ලබාදිය හැකි ය.
· එසේ ම උපරිම මිල සීමා පැනවීම නිසා අධෛර්යමත් වන නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමෙන් ද වෙළෙඳපොළෙහි ඇති වන හානි වළක්වා අපේක්ෂිත වාසිය පාරිභෝගිකයින් අතර සලාක කර බෙදා දීමට සිදු වේ.
· උපරිම මිල සීමා පැනවීම නිසා වෙළෙඳපොළ මිල යන්ත‍්‍රණය නිෂ්ක‍්‍රිය වන බැවින්, හිඟ භාණ්ඩ සලාක කිරීමට සිදුවන්නේ මිල නොවන මාධ්‍යයන් භාවිත කිරිමෙන් ය. පහත දැක්වෙන්නේ සලාක කිරීම සඳහා යොදා ගත හැකි එවැනි මිල නොවන මාධ්‍යය.
1. සලාක පත් යොදා ගැනීම
2. පෝලීම් ක‍්‍රමය
3. අල්ලස් මගින් සලාක කිරීම
4. වෙනත් භාණ්ඩ සමඟ සම්බන්ධ කොට සලාක කිරීම.
5. කළුකඩ මිල
· අවම මිල සීමා නියම කිරීම.
· ඉල්ලූම් සැපයුම් බලවේග මත තීරණය වූ වෙළෙඳපොළ මිල නිෂ්පාදකයන්ට අසාධාරණ වෙතැයි යන විශ්වාසය මත නිෂ්පාදකයින්ට සාධාරණත්වයක් සැලසීම සඳහා ආණ්ඩුව විසින් සමතුලිත මිලට ඉහළින් නීත්‍යනුකූල ව නියම කරන මිල අවම මිල සීමා නියම කිරීම යන්නෙන් අදහස් වේ.
· අවම මිල සීමා පැනවීමේ අරමුණ නිෂ්පාදකයන්ට සාධාරණත්වයක් සැලසීම වන බැවින් අවම මිල සමතුලිත මිලට වඩා ඉහළින් නියම කළ යුතු ය.
· සමතුලිත මිලට ඉහළින් නියම කරනු ලබන අවම මිල සඵල අවම මිල නමින් හැඳින්වේ.
නිදසුන් :- වී සඳහා අවම මිලක් නියම කිරීම, අවම වැටුප් අනුපාත නියම කිරීම.
රූපය 40
· අවම මිල සීමා නියම කිරිමෙහි ප‍්‍රතිවිපාක තව දුරටත් පහත ලෙස දැක්විය හැකිය.
1. අතිරික්ත නිෂ්පාදනය වෙළෙඳපොළෙහි ගොඩ ගැසීම හෙවත් තොග සමුච්චනය වීම.
2. සේවා සම්බන්ධයෙන් ගත් කල විරැකියාව වැනි ගැටලූ මතු වීම.
3. වෙළෙඳුන් නීතියෙන් පලා යාමට තැත් කිරීම (අවම මිල නාමික මිලක් සේ සලකා අඩු මිලට භාණ්ඩ අලෙවි කිරීම.)
4. අධි ආයෝජන තත්ත්වයක් උද්ගත වීම.
5. පාරිභෝගික අතිරික්තයට, නිෂ්පාදක අතිරික්තයට බලපෑම් ඇතිවී සමාජ සුබ සාධනයට ද බලපෑම් ඇති වීම.
රූපය 41
 රූපය 42
· මෙයින් පැහැදිලි වන්නේ නිෂ්පාදකයන්ට සාධාරණත්වය සඳහා අවම මිල සීමා පැනවීම සිදු කළත්, අපේක්ෂිත තරමේ වාසියක් නිෂ්පාදකයාට අත්නොවන බව යි.
· මේ නිසා අවම මිල අර්ථවත් කිරීම සඳහා යම් යම් ක‍්‍රියාමාර්ග ගත යුතු ය. පහත දැක්වෙන්නේඑවැනි ක‍්‍රියාමාර්ග කිහිපයකි.
1. අතිරික්තය ගබඩා කිරීම
2. අතුරු නිෂ්පාදනය
3. පවත්නා ඉල්ලූම ප‍්‍රවර්ධනය
4. අපනයනය
· ඉහත ක‍්‍රියාමාර්ගවලට අමතර ව අවම මිල අර්ථවත් කර ගැනීම සඳහා රජයක් අනුගමනය කරන සුවිශේෂ ක‍්‍රියාමාර්ගයක් ලෙස මිල ආධාරක ප‍්‍රතිපත්ති දැක්විය හැකි ය.
· මිල ආධාරක ප‍්‍රතිපත්ති වල දී අවම මිල නිෂ්පාදකයාට ලැබෙන බව සහතික වීමක් සිදුවේ. ඒඅනුව එහි දී අවම මිල සහතික මිලක් සේ සැලැකේ.
· අවම මිල සහතික මිලක් සේ සලකමින් නිෂ්පාදකයා ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදකයන්ගේආදායම ඉහළ නැංවීම සඳහා රජයක් අනුගමනය කරන මිල ආධාරක ප‍්‍රතිපත්ති ස්වරූප දෙකකි.
1. රජයේ මිලදී ගැනීම් සහිත මිල ආධාරක ප‍්‍රතිපත්ති
2. ඌන පූරණ ගෙවීම් ක‍්‍රමය
· රජයේ මිලදී ගැනීම් සහිත මිල ආධාරක ප‍්‍රතිපත්තිය යනු, රජය විසින් නියම කරනු ලබන අවම මිල යටතේ නිෂ්පාදකයා වෙළෙඳපොළට සැපයීමට කැමති මුළු භාණ්ඩ ප‍්‍රමාණයෙන් අවම මිල යටතේ පාරිභෝගිකයා මිලදී ගෙන ඉතිරි වන අතිරික්තය සැපයුම රජය මිලදී ගැනීම යි.
රූපය 43
රූපය 44
රූපය 45
රූපය 46
· නිෂ්පාදිත භාණ්ඩවල මිල ගණන් නිතර නිතර උච්චාවචනය වීම මිල අස්ථායීතාවයක් ලෙස සැලකේ. මිල ගණන් අස්ථායී වන විට නිෂපාදකයින්ගේ ආදායම්හි ද අස්ථායීතාවන් ඇති වේ.
· විශේෂයෙන්ම කෘෂිකාර්මික භාණ්ඩවල මිල ගණන් නිතර උච්චාවචනය වීම ප‍්‍රායෝගික ලෝකයේ සුලබව දැකිය හැකි කරුණකි. කෘෂි භාණ්ඩවල මිල ගණන් උච්චාවචනය නිරන්තරයෙන් සිදු වන විට ගොවීන්ගේ ආදායම් අස්ථායී වීම ප‍්‍රබල ගැටලූවක් වී ඇත.
· මෙබඳු අවස්ථාවන්හි දී වගා කරුවන්ගේ ආදායම් ස්ථායී කිරීම සඳහා ආණ්ඩුවක් විසින් විවිධාකාර වූ මිල ස්ථායීකරණ වැඩ පිළිවෙළවල් ක‍්‍රියාත්මක කරනු දක්නට ලැබේ.
· නිෂ්පාදකයන් සලාක නියම කිරීමට, තොග රැස් කිරීම හා මුදා හැරීම, ඉඩම් වගා කරන ප‍්‍රමාණය සීමා කිරීම, ආනයන තීරු බදු පැනවීම, ආනයන සලාක කිරීම, අභිමතය පරිදි ආනයන සීමා කිරීම වැනි ක‍්‍රියා මාර්ග මිල ස්ථායීකරණය සඳහා යොදා ගනු ලබයි.
· නිෂ්පාදකයන් මත සලාක නියම කිරීම ඒ අතර වැදගත් වන ස්ථායීකරණ වැඩ පිළිවෙළකි.
කිසියම් නිශ්චිත කාලයක් තුළ නිපදවිය හැකි නිමවුම් ප‍්‍රමාණය පිළිබඳ උපරිම සීමාවන් ආණ්ඩුව ව්සින් නියම කිරීම නිෂ්පාදන සලාක කිරීම යන්නෙන් අදහස් කෙරේ.
· වෙළෙඳපොළට ළඟා වන සැපයුම සීමා කරමින් මිල ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට මෙමගින් අපේක්‍ෂා කෙරේ.

Comments

  1. සුපිරි කෙල්ලෙක් ආදරෙයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

3.2 :-වෙළෙඳපොළට රජය මැදිහත් වීම ඒකක බද්දක් ඇසුරෙන් විග‍්‍රහ කරයි. සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් මත බදු පැනවීම, ආණ්ඩුවක් විසින් වෙළෙඳපොළ ක‍්‍රියාවලියට මැදිහත් වන සුලබ ම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. · භාණ්ඩ මත පනවනු ලබන බදු අනුපාතිකවල ස්වරූප දෙකකි. 1) ප‍්‍රතිශතක බද්ද 2) ඒකක බද්ද · නිෂ්පාදනය හෝ පරිභෝජනය හෝ කරන භාණ්ඩයේ වටිනාකම මත කිසියම් ප‍්‍රතිශතයක් බදු වශයෙන් අය කර ගැනීම ප‍්‍රතිශත බද්දක් වශයෙන් හඳුන්වයි. නිදසුන - - සීනි 1 කි.ග්ම් වටිනාකම මත 2% ක බද්දක් පැනවීම · නිෂ්පාදනය හෝ පරිභෝජනය කරනු ලබන භාණ්ඩ ඒකකයක් මත කිසියම් රුපියල් ප‍්‍රමාණයක් බදු වශයෙන් අයකර ගැනීම ඒකක බද්දක් පැනවීම යන්නෙන් අදහස් වේ. මෙය නිශ්චිත බද්දකි. නිදසුන් · සීනි කිලෝග්?ම් එකක් සඳහා රුපියල් 10ක් බදු අය කිරීම · පාන් රාත්තකලකට රුපියල් 2/- ක බද්දක් අය කිරීම · රෙදි මීටරයකට රුපියල් 3/- ක් බදු අය කිරීම · සැපයුම්කරු මත ඒකක බදු පැනවීමේ නිසා සිදු වන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම යි. · මේ නිසා සැපයුමෙහි අඩු වීමක් සිදු වන අතර, බද්දේ ප‍්‍රමාණයෙන් සැපයුම් වක‍්‍රය වමට විතැන් වීමක් ද සිදු වේ. · මෙලෙසින් ඒකක බද්දක් පැනවීම නිසා ...
3 :- වෙළෙඳපොළට රජය මැදිහත් වන ආකාරය විමර්ශනය කරයි. 3.1 :- වෙළෙඳපොළට රජය මැදිහත්වන ආකාර විග‍්‍රහ කරයි. ඉල්ලූම් සැපයුම් බලවේග මගින් තීරණය වන වෙළෙඳපොළ සමතුලිතය මඟින්සමාජයක් තුළ භාණ්ඩ නිෂ්පාදනය කිරිමේ සහ බෙදාහැරීමෙහි ලා කිසියම් ආකාරයක වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. · එසේ වුවද සමාජීය, දේශපාලන හා ආර්ථික දෘෂ්ටිකෝණ වලින් බලා මෙම වෙළෙඳපොළ සමතුලිතය සමාජයට අහිතකර වේ යැයි යන විවිධ මත පළ කෙරේ. · මේ නිසා නිදහස් වෙළෙඳපොළ කි‍්‍රයාකාරිත්වයට විවිධ ස්වරූපවලින් රජය මැදිහත් වනුදක්නට ලැබේ. · මෙලෙස වෙළෙඳපොළට රජය මැදිහත් වන ප‍්‍රධාන ආකාර කිහිපයක් පහත දැක්වේ. · බදු පැනවීම · සහනාධාර ලබාදීම · මිල පාලනය · මිල ස්ථායිකරණය · වෙළෙඳපොළ ක‍්‍රියාවලියට ආණ්ඩුව මැදිහත් වන සුලබ ම ආකාරයක් වන්නේ නිෂ්පාදකයන්ගෙන් හා පාරිභෝගිකයන් ගෙන් බදු අය කිරීම යි. · විවිධ අරමුණු ඇති ව ආණ්ඩුව බදු අය කිරිම් සිදු කරන අතර නිෂ්පාදනය හෝ පරිභෝජනය කරනු ලබන ඒකකයක් මත නිශ්චිත රුපියල් ප‍්‍රමාණයක බදු අය කිරීම හෝ භාණ්ඩයේ වටිනාකම මත කිසියම් ප‍්‍රතිශතයක් බදු වශයෙන් අය කිරීම හෝ ලෙසින් බදු අය කිරිමේ ප‍්‍රධාන ස්වරූප දෙකක් දැකිය හැකි ය. · මෙලෙසින් බ...