Skip to main content
3.2 :-වෙළෙඳපොළට රජය මැදිහත් වීම ඒකක බද්දක් ඇසුරෙන් විග‍්‍රහ කරයි.
සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් මත බදු පැනවීම, ආණ්ඩුවක් විසින් වෙළෙඳපොළ ක‍්‍රියාවලියට මැදිහත් වන සුලබ ම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
· භාණ්ඩ මත පනවනු ලබන බදු අනුපාතිකවල ස්වරූප දෙකකි.
1) ප‍්‍රතිශතක බද්ද
2) ඒකක බද්ද
· නිෂ්පාදනය හෝ පරිභෝජනය හෝ කරන භාණ්ඩයේ වටිනාකම මත කිසියම් ප‍්‍රතිශතයක් බදු වශයෙන් අය කර ගැනීම ප‍්‍රතිශත බද්දක් වශයෙන් හඳුන්වයි.
නිදසුන -
- සීනි 1 කි.ග්ම් වටිනාකම මත 2% ක බද්දක් පැනවීම
· නිෂ්පාදනය හෝ පරිභෝජනය කරනු ලබන භාණ්ඩ ඒකකයක් මත කිසියම් රුපියල් ප‍්‍රමාණයක් බදු වශයෙන් අයකර ගැනීම ඒකක බද්දක් පැනවීම යන්නෙන් අදහස් වේ.
මෙය නිශ්චිත බද්දකි.
නිදසුන්
· සීනි කිලෝග්?ම් එකක් සඳහා රුපියල් 10ක් බදු අය කිරීම
· පාන් රාත්තකලකට රුපියල් 2/- ක බද්දක් අය කිරීම
· රෙදි මීටරයකට රුපියල් 3/- ක් බදු අය කිරීම
· සැපයුම්කරු මත ඒකක බදු පැනවීමේ නිසා සිදු වන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම යි.
· මේ නිසා සැපයුමෙහි අඩු වීමක් සිදු වන අතර, බද්දේ ප‍්‍රමාණයෙන් සැපයුම් වක‍්‍රය වමට විතැන් වීමක් ද සිදු වේ.
· මෙලෙසින් ඒකක බද්දක් පැනවීම නිසා වෙළෙඳපොළ සමතුලිතයට වන බලපෑම
ලේඛන, ප‍්‍රස්තාර හා සමීකරණ මගින්පෙන්නුම් කළ හැකි ය.
· සැපයුම්කරු මත ඒකක බද්දක් පැනවූ විට එම බද්ද සැපයුම් ලේඛනයට, සැපයුම් වක‍්‍රයට සහ සැපයුම් සමීකරණයට පහත ලෙස ගැළපිය හැකි ය.
රූපය 1
ඒකක බද්ද නිෂ්පාදකයාට පිරිවැයක් වන බැවින් බද්ද පැනවීම නිසා සැපයුම් ප‍්‍රමාණය අඩු වී ඇති බව ඉහත වගු සටහනෙන් පැහැදිලි ය.
· ඒකක බද්ද පැනවීමට පෙර ඉල්ලූම් සහ සැපයුම් තොරතුරු සහ බද්ද පැනවීම නිසා නව සැපයුම් ලේඛනයෙන් දැක්වෙන ආකාරයට සැපයුම අඩු වීම පිළිබඳ තොරතුරු පහත පරිදි ප‍්‍රස්තාර සටහනක් මගින්දැක්විය හැකිය.
රූපය 2
නිෂ්පාදකයන් මත ඒකක බදු පැනවීම නිසා සමතුලිතය වෙනස් වීමට අමතර ව ශුභසාධන
ප‍්‍රතිපාකයන් ද හට ගනී.
· පහත ප‍්‍රස්තාර සටහන මගින් එම ශුභසාධන ප‍්‍රතිවිපාකයන් හඳුනා ගත හැකිය.
රූපය 3
රූපය 4
රූපය 5
රූපය 6
රූපය 7
රූපය 8
රූපය 9
රූපය 10
රූපය 11
· නිෂ්පාදකයන් මත ඒකක බදු පැනවීම නිසා ඇති වන අනෙකුත් ප‍්‍රතිවිපාක ඉල්ලුම් සැපයුම් සමීකරණ මගින්ද දැක්විය හැකි ය. ගැනුම්කරුවන් මත ඒකක බදු පැනවීම යන්නෙන් අදහස්වන්නේ භාණ්ඩයක් මිලදී ගන්නා අවස්ථාවේ දී ඒකකයක් මත නිශ්චිත රුපියල් ප‍්‍රමාණයක්ගැනුම්කරුගෙන් බදු ලෙස අය කිරීමයි.
නිදසුන් :- විකුණුම් බදු, පාරිභෝගික වැට් බදු
· මෙහිදී භාණ්ඩයක් මිල දී ගන්නා අවස්ථාවේදී අය කරන හෙයින් නෛතික වශයෙන් බද්ද මුළුමනින්ම ගෙවනු ලබන්නේ ගැනුම්කරුය.
නිදසුන :-
· දොඩම් ගෙඩියක් මත රු. 10 ක අලෙවි බද්දක් අය කරනු ලබයි නම් දොඩම් මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම මිලදී ගන්නා විසින් දොඩම් ගෙඩියකට රු. 10 බැගින් බද්දක් ආණ්ඩුවට ගෙව්ය යුතුය. දොඩම් අලෙවි කරන වෙළෙඳුන් විසින් එම බදු මුදල ගැනුම්කරුවාගෙන් එකතු කර ගෙන ආණ්ඩුවට භාර දෙනු ලැබේ.
· ගැනුම්කරුවන් මත ඒකක බද්දක් පැනවූ විට එම භාණ්ඩයේ සැපයුම් වක‍්‍රයට කිසිඳු බලපෑමක්ඇති නොවේ.
· එහෙත් ගැනුම්කරුවන් මත ඒකක බදු පැනවූ විට ගැනුම්කරුවන් ගෙවිය යුතු මිල ඉහළ යන බැවින් ගැනුම්කරුවන් මිලදී ගත් ඒකක සඳහා බද්දෙන් පසු ගෙවීමට කැමති මිල අඩුවේ. මේ නිසා පැවති මිල ගණන් යටතේම බද්දේ ප‍්‍රමාණයෙන් ඉල්ලූම් වක‍්‍රය වමට විතැන්වේ.
රූපය 12

Comments

Popular posts from this blog

3.5 :-මිල පාලනය වෙළෙඳපොළ ක‍්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම විමසයි. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සඳහා වෙළෙඳපොළ ඉල්ලූම් හා සැපයුම් බලවේග මගින් තීරණය වී ඇති මිල ඇතැම් විට, පාරිභෝගිකයන්ට සහ  නිෂ්පාදකයන්ට අසාධාරණ විය හැකිය. · මෙවැනි අවස්ථාවන්හි දී ආණ්ඩුව වෙළෙඳපොළ මිල පාලනය කරයි. · ඒ අනුව මිල පාලනය යනු ආණ්ඩුව විසින් නීතිරීති අණපනත් උපයෝගී කරගෙන කෘත‍්‍රිම මිලක්වෙළෙඳපොළෙහි ඇති කිරීම යි. · මිල පාලනයක් තුළින් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ එක අතකින් පාරිභෝගිකයාත්, අනෙක්අතට නිෂ්පාදකයාත් ආරක්ෂා කිරීම යි. · මිල පාලනයේ ස්වරූප දෙකකි. 1 උපරිම මිල නියම කිරීම 2 අවම මිල නියම කිරීම · වෙළෙඳපොළ මිල යාන්ත‍්‍රණය යටතේ තීරණය වූ සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණ වෙතැයි සිතූ විට ඔවුන්ට සාධාරණත්වය සැලසීම සඳහා ආණ්ඩුව විසින් නියම කරනු ලබන නීත්‍යනුකූල මිල උපරිම මිල සීමාව නමින් හැඳින්වේ. · ආණ්ඩුව උපරිම මිල සීමා නියම කරනු ලබන්නේ පාරිභෝගිකයන්ට සාධාරණත්වය සඳහා වන බැවින් සමතුලිත මිලට වඩා පහළින් උපරිම මිල සීමා පැනවීම වැදගත් ය. · එවැනි සමතුලිත මිලට වඩා පහළින් නියම කරනු ලබන උපරිම මිල සීමාව සඵල උපරිම මිල නමින් හැඳින්වේ. ...
3 :- වෙළෙඳපොළට රජය මැදිහත් වන ආකාරය විමර්ශනය කරයි. 3.1 :- වෙළෙඳපොළට රජය මැදිහත්වන ආකාර විග‍්‍රහ කරයි. ඉල්ලූම් සැපයුම් බලවේග මගින් තීරණය වන වෙළෙඳපොළ සමතුලිතය මඟින්සමාජයක් තුළ භාණ්ඩ නිෂ්පාදනය කිරිමේ සහ බෙදාහැරීමෙහි ලා කිසියම් ආකාරයක වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. · එසේ වුවද සමාජීය, දේශපාලන හා ආර්ථික දෘෂ්ටිකෝණ වලින් බලා මෙම වෙළෙඳපොළ සමතුලිතය සමාජයට අහිතකර වේ යැයි යන විවිධ මත පළ කෙරේ. · මේ නිසා නිදහස් වෙළෙඳපොළ කි‍්‍රයාකාරිත්වයට විවිධ ස්වරූපවලින් රජය මැදිහත් වනුදක්නට ලැබේ. · මෙලෙස වෙළෙඳපොළට රජය මැදිහත් වන ප‍්‍රධාන ආකාර කිහිපයක් පහත දැක්වේ. · බදු පැනවීම · සහනාධාර ලබාදීම · මිල පාලනය · මිල ස්ථායිකරණය · වෙළෙඳපොළ ක‍්‍රියාවලියට ආණ්ඩුව මැදිහත් වන සුලබ ම ආකාරයක් වන්නේ නිෂ්පාදකයන්ගෙන් හා පාරිභෝගිකයන් ගෙන් බදු අය කිරීම යි. · විවිධ අරමුණු ඇති ව ආණ්ඩුව බදු අය කිරිම් සිදු කරන අතර නිෂ්පාදනය හෝ පරිභෝජනය කරනු ලබන ඒකකයක් මත නිශ්චිත රුපියල් ප‍්‍රමාණයක බදු අය කිරීම හෝ භාණ්ඩයේ වටිනාකම මත කිසියම් ප‍්‍රතිශතයක් බදු වශයෙන් අය කිරීම හෝ ලෙසින් බදු අය කිරිමේ ප‍්‍රධාන ස්වරූප දෙකක් දැකිය හැකි ය. · මෙලෙසින් බ...