Skip to main content
3 :- වෙළෙඳපොළට රජය මැදිහත් වන ආකාරය විමර්ශනය කරයි.
3.1 :- වෙළෙඳපොළට රජය මැදිහත්වන ආකාර විග‍්‍රහ කරයි.
ඉල්ලූම් සැපයුම් බලවේග මගින් තීරණය වන වෙළෙඳපොළ සමතුලිතය මඟින්සමාජයක් තුළ භාණ්ඩ නිෂ්පාදනය කිරිමේ සහ බෙදාහැරීමෙහි ලා කිසියම් ආකාරයක වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
· එසේ වුවද සමාජීය, දේශපාලන හා ආර්ථික දෘෂ්ටිකෝණ වලින් බලා මෙම වෙළෙඳපොළ සමතුලිතය සමාජයට අහිතකර වේ යැයි යන විවිධ මත පළ කෙරේ.
· මේ නිසා නිදහස් වෙළෙඳපොළ කි‍්‍රයාකාරිත්වයට විවිධ ස්වරූපවලින් රජය මැදිහත් වනුදක්නට ලැබේ.
· මෙලෙස වෙළෙඳපොළට රජය මැදිහත් වන ප‍්‍රධාන ආකාර කිහිපයක් පහත දැක්වේ.
· බදු පැනවීම
· සහනාධාර ලබාදීම
· මිල පාලනය
· මිල ස්ථායිකරණය
· වෙළෙඳපොළ ක‍්‍රියාවලියට ආණ්ඩුව මැදිහත් වන සුලබ ම ආකාරයක් වන්නේ නිෂ්පාදකයන්ගෙන් හා පාරිභෝගිකයන් ගෙන් බදු අය කිරීම යි.
· විවිධ අරමුණු ඇති ව ආණ්ඩුව බදු අය කිරිම් සිදු කරන අතර නිෂ්පාදනය හෝ පරිභෝජනය කරනු ලබන ඒකකයක් මත නිශ්චිත රුපියල් ප‍්‍රමාණයක බදු අය කිරීම
හෝ භාණ්ඩයේ වටිනාකම මත කිසියම් ප‍්‍රතිශතයක් බදු වශයෙන් අය කිරීම හෝ ලෙසින් බදු අය කිරිමේ ප‍්‍රධාන ස්වරූප දෙකක් දැකිය හැකි ය.
· මෙලෙසින් බදු අය කිරිම් නිසා ඉල්ලූම්, සැපයුම් තත්ත්ව වෙනස් වන බැවින්, ඉල්ලූම් සැපයුම් බලවේග මගින්තීරණය වන වෙළෙඳපොළ සමතුලිතයෙහි වෙනස්කම් හට ගනී.
· බදු අය කරන්නා සේ ම රජය නිෂ්පාදකයන්ට හා පාරිභෝගිකයන්ට සහනාධාර දීම ද සිදු කරයි.
· සහනාධාර දීම් නිසා ද ඉල්ලූම්, සැපයුම් තත්ත්ව වෙනස් වන බැවින්, ඉල්ලූම් සැපයුම් බලවේග මගින්තීරණය වන වෙළෙඳපොළ සමතුලිතයෙහි වෙනස්කම් හට ගනී.
බදු අය කිරිම් හා සහනාධාර ලබා දීම් හැරුණු විට රජය මිල ප‍්‍රතිපත්ති ම`ගින් ද, ඉල්ලූම් සැපයුම් බලවේග මගින් තීරණය වූ සමතුලිත අගයන් වෙනස් කරන අවස්ථා ද පවතී.
· මිල ප‍්‍රතිපත්ති යටතේ පාලනය කරන ලද මිල ගණන් හඳුන්වා දීම වර්තමානයේ විවිධ ආණ්ඩු විසින් අනුගමනය කරනු ලබන සුලබ ක‍්‍රියාමාර්ගයකි.
· එහි දී ආණ්ඩුව නීති මගින් මිල නියම කිරීමේ කාර්යයට අවතීර්ණ වීමක් සිදු කරන අතර ඒ නිසා වෙළෙඳපොළ යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරිත්වය නිෂ්ක‍්‍රිය වීමක් සිදු වේ.
· නීති මගින් ආණ්ඩුව නියම කරනු ලබන මෙවැනි මිල පාලන ප‍්‍රතිපත්ති ස්වරූප දෙකකි.
1) උපරිම මිල සීමා නියම කිරීම
2) අවම මිල සීමා නියම කිරීම

Comments

Popular posts from this blog

3.5 :-මිල පාලනය වෙළෙඳපොළ ක‍්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම විමසයි. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සඳහා වෙළෙඳපොළ ඉල්ලූම් හා සැපයුම් බලවේග මගින් තීරණය වී ඇති මිල ඇතැම් විට, පාරිභෝගිකයන්ට සහ  නිෂ්පාදකයන්ට අසාධාරණ විය හැකිය. · මෙවැනි අවස්ථාවන්හි දී ආණ්ඩුව වෙළෙඳපොළ මිල පාලනය කරයි. · ඒ අනුව මිල පාලනය යනු ආණ්ඩුව විසින් නීතිරීති අණපනත් උපයෝගී කරගෙන කෘත‍්‍රිම මිලක්වෙළෙඳපොළෙහි ඇති කිරීම යි. · මිල පාලනයක් තුළින් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ එක අතකින් පාරිභෝගිකයාත්, අනෙක්අතට නිෂ්පාදකයාත් ආරක්ෂා කිරීම යි. · මිල පාලනයේ ස්වරූප දෙකකි. 1 උපරිම මිල නියම කිරීම 2 අවම මිල නියම කිරීම · වෙළෙඳපොළ මිල යාන්ත‍්‍රණය යටතේ තීරණය වූ සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණ වෙතැයි සිතූ විට ඔවුන්ට සාධාරණත්වය සැලසීම සඳහා ආණ්ඩුව විසින් නියම කරනු ලබන නීත්‍යනුකූල මිල උපරිම මිල සීමාව නමින් හැඳින්වේ. · ආණ්ඩුව උපරිම මිල සීමා නියම කරනු ලබන්නේ පාරිභෝගිකයන්ට සාධාරණත්වය සඳහා වන බැවින් සමතුලිත මිලට වඩා පහළින් උපරිම මිල සීමා පැනවීම වැදගත් ය. · එවැනි සමතුලිත මිලට වඩා පහළින් නියම කරනු ලබන උපරිම මිල සීමාව සඵල උපරිම මිල නමින් හැඳින්වේ. ...
3.2 :-වෙළෙඳපොළට රජය මැදිහත් වීම ඒකක බද්දක් ඇසුරෙන් විග‍්‍රහ කරයි. සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් මත බදු පැනවීම, ආණ්ඩුවක් විසින් වෙළෙඳපොළ ක‍්‍රියාවලියට මැදිහත් වන සුලබ ම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. · භාණ්ඩ මත පනවනු ලබන බදු අනුපාතිකවල ස්වරූප දෙකකි. 1) ප‍්‍රතිශතක බද්ද 2) ඒකක බද්ද · නිෂ්පාදනය හෝ පරිභෝජනය හෝ කරන භාණ්ඩයේ වටිනාකම මත කිසියම් ප‍්‍රතිශතයක් බදු වශයෙන් අය කර ගැනීම ප‍්‍රතිශත බද්දක් වශයෙන් හඳුන්වයි. නිදසුන - - සීනි 1 කි.ග්ම් වටිනාකම මත 2% ක බද්දක් පැනවීම · නිෂ්පාදනය හෝ පරිභෝජනය කරනු ලබන භාණ්ඩ ඒකකයක් මත කිසියම් රුපියල් ප‍්‍රමාණයක් බදු වශයෙන් අයකර ගැනීම ඒකක බද්දක් පැනවීම යන්නෙන් අදහස් වේ. මෙය නිශ්චිත බද්දකි. නිදසුන් · සීනි කිලෝග්?ම් එකක් සඳහා රුපියල් 10ක් බදු අය කිරීම · පාන් රාත්තකලකට රුපියල් 2/- ක බද්දක් අය කිරීම · රෙදි මීටරයකට රුපියල් 3/- ක් බදු අය කිරීම · සැපයුම්කරු මත ඒකක බදු පැනවීමේ නිසා සිදු වන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම යි. · මේ නිසා සැපයුමෙහි අඩු වීමක් සිදු වන අතර, බද්දේ ප‍්‍රමාණයෙන් සැපයුම් වක‍්‍රය වමට විතැන් වීමක් ද සිදු වේ. · මෙලෙසින් ඒකක බද්දක් පැනවීම නිසා ...