3.5 :-මිල පාලනය වෙළෙඳපොළ ක‍්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම විමසයි. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සඳහා වෙළෙඳපොළ ඉල්ලූම් හා සැපයුම් බලවේග මගින් තීරණය වී ඇති මිල ඇතැම් විට, පාරිභෝගිකයන්ට සහ නිෂ්පාදකයන්ට අසාධාරණ විය හැකිය. · මෙවැනි අවස්ථාවන්හි දී ආණ්ඩුව වෙළෙඳපොළ මිල පාලනය කරයි. · ඒ අනුව මිල පාලනය යනු ආණ්ඩුව විසින් නීතිරීති අණපනත් උපයෝගී කරගෙන කෘත‍්‍රිම මිලක්වෙළෙඳපොළෙහි ඇති කිරීම යි. · මිල පාලනයක් තුළින් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ එක අතකින් පාරිභෝගිකයාත්, අනෙක්අතට නිෂ්පාදකයාත් ආරක්ෂා කිරීම යි. · මිල පාලනයේ ස්වරූප දෙකකි. 1 උපරිම මිල නියම කිරීම 2 අවම මිල නියම කිරීම · වෙළෙඳපොළ මිල යාන්ත‍්‍රණය යටතේ තීරණය වූ සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණ වෙතැයි සිතූ විට ඔවුන්ට සාධාරණත්වය සැලසීම සඳහා ආණ්ඩුව විසින් නියම කරනු ලබන නීත්‍යනුකූල මිල උපරිම මිල සීමාව නමින් හැඳින්වේ. · ආණ්ඩුව උපරිම මිල සීමා නියම කරනු ලබන්නේ පාරිභෝගිකයන්ට සාධාරණත්වය සඳහා වන බැවින් සමතුලිත මිලට වඩා පහළින් උපරිම මිල සීමා පැනවීම වැදගත් ය. · එවැනි සමතුලිත මිලට වඩා පහළින් නියම කරනු ලබන උපරිම මිල සීමාව සඵල උපරිම මිල නමින් හැඳින්වේ. ...