Skip to main content

Posts

3.5 :-මිල පාලනය වෙළෙඳපොළ ක‍්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම විමසයි. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සඳහා වෙළෙඳපොළ ඉල්ලූම් හා සැපයුම් බලවේග මගින් තීරණය වී ඇති මිල ඇතැම් විට, පාරිභෝගිකයන්ට සහ  නිෂ්පාදකයන්ට අසාධාරණ විය හැකිය. · මෙවැනි අවස්ථාවන්හි දී ආණ්ඩුව වෙළෙඳපොළ මිල පාලනය කරයි. · ඒ අනුව මිල පාලනය යනු ආණ්ඩුව විසින් නීතිරීති අණපනත් උපයෝගී කරගෙන කෘත‍්‍රිම මිලක්වෙළෙඳපොළෙහි ඇති කිරීම යි. · මිල පාලනයක් තුළින් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ එක අතකින් පාරිභෝගිකයාත්, අනෙක්අතට නිෂ්පාදකයාත් ආරක්ෂා කිරීම යි. · මිල පාලනයේ ස්වරූප දෙකකි. 1 උපරිම මිල නියම කිරීම 2 අවම මිල නියම කිරීම · වෙළෙඳපොළ මිල යාන්ත‍්‍රණය යටතේ තීරණය වූ සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණ වෙතැයි සිතූ විට ඔවුන්ට සාධාරණත්වය සැලසීම සඳහා ආණ්ඩුව විසින් නියම කරනු ලබන නීත්‍යනුකූල මිල උපරිම මිල සීමාව නමින් හැඳින්වේ. · ආණ්ඩුව උපරිම මිල සීමා නියම කරනු ලබන්නේ පාරිභෝගිකයන්ට සාධාරණත්වය සඳහා වන බැවින් සමතුලිත මිලට වඩා පහළින් උපරිම මිල සීමා පැනවීම වැදගත් ය. · එවැනි සමතුලිත මිලට වඩා පහළින් නියම කරනු ලබන උපරිම මිල සීමාව සඵල උපරිම මිල නමින් හැඳින්වේ. ...
Recent posts
3.4 :-සැපයුම්කරුවන්ට ඒකක සහනාධාරයක් ලබා දීම ඇසුරෙන් වෙළෙඳපොළට රජයේ මැදිහත් වීම විග‍්‍රහ කරයි. නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ඒකකයක් සඳහා නිශ්චිත රුපියල් ප‍්‍රමාණයක් සහනාධාර වශයෙන් ලබා දීම සැපයුම්කරු මත ඒකක සහනාධාරයක් ලබා දීම යන්නෙන් අදහස් වේ. නිදසුන් - තේ කිලෝවකට රු. 20/- ක සහනාධාරයක් ලබා දීම · සැපයුම්කරු මත ඒකක සහනාධාර ලබාදීමේ දී අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ නිෂ්පාදන පිරිවැය පහළ යාම යි. · මේ නිසා සැපයුමෙහි වැඩි වීමක් සිදුවන අතර සහනාධාරයේ ප‍්‍රමාණයෙන් සැපයුම් වක‍්‍රය දකුණට විතැන් වේ. · ඒකක සහනාධාරයක් නිසා වෙළෙඳපොළ සමතුලිතයට සිදුවන බලපෑම ලේඛන, ප‍්‍රස්තාර හා සමීකරණ මගින් පෙන්නුම් කළ හැකි ය. රූපය 25 ආණ්ඩුව මෙම භාණ්ඩයේ සෑම නිෂ්පාදන ඒකකයක් සඳහා රුපියල් 5.00ක සහනාධාරයක් ලබා දෙන්නේ යයි සිතමු. මේ නිසා වෙළෙඳපොළ නව සැපයුම් ලේඛනය පහත පරිදි වේ. රූපය 26 ඒකක සහනාධාරය නිසා නිෂ්පාදකයා ගේ පිරිවැය අඩු වන බැවින් සහනාධාර ලබා දීම නිසා සැපයුම් ප‍්‍රමාණය වැඩි වී ඇති බව ඉහත වගු සටහනෙන් පැහැදිලි ය. රූපය 27 රූපය 28 · නිෂ්පාදකයන්ට ඒකක සහනාධාර ලබා දීම නිසා ඉහත රූප සටහනේ දැක්වෙන පරිදි සමතුලිතය වෙනස් වීමට අමතර ...
3.3 :- සැපයුම්කරු මත ඒකක බද්දක් පැනවීමෙන් පසු බදු බර බෙදී යන ආකාරය විග‍්‍රහ කරයි. නිෂ්පාදකයන් මත ඒකක බද්දක් පැනවූ විට එහි අවසාන බදු දැරීම කෙරෙහි බලපාන ප‍්‍රධාන ම සාධකය වන්නේ ඉල්ලූම් හා සැපයුම් නම්‍යතාව ය. රූපය 13 රූපය 14 රූපය 15 රූපය 16 රූපය 17 රූපය 18 රූපය 19 රූපය 20 රූපය 21 රූපය 22 රූපය 23 රූපය 24
3.2 :-වෙළෙඳපොළට රජය මැදිහත් වීම ඒකක බද්දක් ඇසුරෙන් විග‍්‍රහ කරයි. සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් මත බදු පැනවීම, ආණ්ඩුවක් විසින් වෙළෙඳපොළ ක‍්‍රියාවලියට මැදිහත් වන සුලබ ම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. · භාණ්ඩ මත පනවනු ලබන බදු අනුපාතිකවල ස්වරූප දෙකකි. 1) ප‍්‍රතිශතක බද්ද 2) ඒකක බද්ද · නිෂ්පාදනය හෝ පරිභෝජනය හෝ කරන භාණ්ඩයේ වටිනාකම මත කිසියම් ප‍්‍රතිශතයක් බදු වශයෙන් අය කර ගැනීම ප‍්‍රතිශත බද්දක් වශයෙන් හඳුන්වයි. නිදසුන - - සීනි 1 කි.ග්ම් වටිනාකම මත 2% ක බද්දක් පැනවීම · නිෂ්පාදනය හෝ පරිභෝජනය කරනු ලබන භාණ්ඩ ඒකකයක් මත කිසියම් රුපියල් ප‍්‍රමාණයක් බදු වශයෙන් අයකර ගැනීම ඒකක බද්දක් පැනවීම යන්නෙන් අදහස් වේ. මෙය නිශ්චිත බද්දකි. නිදසුන් · සීනි කිලෝග්?ම් එකක් සඳහා රුපියල් 10ක් බදු අය කිරීම · පාන් රාත්තකලකට රුපියල් 2/- ක බද්දක් අය කිරීම · රෙදි මීටරයකට රුපියල් 3/- ක් බදු අය කිරීම · සැපයුම්කරු මත ඒකක බදු පැනවීමේ නිසා සිදු වන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම යි. · මේ නිසා සැපයුමෙහි අඩු වීමක් සිදු වන අතර, බද්දේ ප‍්‍රමාණයෙන් සැපයුම් වක‍්‍රය වමට විතැන් වීමක් ද සිදු වේ. · මෙලෙසින් ඒකක බද්දක් පැනවීම නිසා ...
3 :- වෙළෙඳපොළට රජය මැදිහත් වන ආකාරය විමර්ශනය කරයි. 3.1 :- වෙළෙඳපොළට රජය මැදිහත්වන ආකාර විග‍්‍රහ කරයි. ඉල්ලූම් සැපයුම් බලවේග මගින් තීරණය වන වෙළෙඳපොළ සමතුලිතය මඟින්සමාජයක් තුළ භාණ්ඩ නිෂ්පාදනය කිරිමේ සහ බෙදාහැරීමෙහි ලා කිසියම් ආකාරයක වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. · එසේ වුවද සමාජීය, දේශපාලන හා ආර්ථික දෘෂ්ටිකෝණ වලින් බලා මෙම වෙළෙඳපොළ සමතුලිතය සමාජයට අහිතකර වේ යැයි යන විවිධ මත පළ කෙරේ. · මේ නිසා නිදහස් වෙළෙඳපොළ කි‍්‍රයාකාරිත්වයට විවිධ ස්වරූපවලින් රජය මැදිහත් වනුදක්නට ලැබේ. · මෙලෙස වෙළෙඳපොළට රජය මැදිහත් වන ප‍්‍රධාන ආකාර කිහිපයක් පහත දැක්වේ. · බදු පැනවීම · සහනාධාර ලබාදීම · මිල පාලනය · මිල ස්ථායිකරණය · වෙළෙඳපොළ ක‍්‍රියාවලියට ආණ්ඩුව මැදිහත් වන සුලබ ම ආකාරයක් වන්නේ නිෂ්පාදකයන්ගෙන් හා පාරිභෝගිකයන් ගෙන් බදු අය කිරීම යි. · විවිධ අරමුණු ඇති ව ආණ්ඩුව බදු අය කිරිම් සිදු කරන අතර නිෂ්පාදනය හෝ පරිභෝජනය කරනු ලබන ඒකකයක් මත නිශ්චිත රුපියල් ප‍්‍රමාණයක බදු අය කිරීම හෝ භාණ්ඩයේ වටිනාකම මත කිසියම් ප‍්‍රතිශතයක් බදු වශයෙන් අය කිරීම හෝ ලෙසින් බදු අය කිරිමේ ප‍්‍රධාන ස්වරූප දෙකක් දැකිය හැකි ය. · මෙලෙසින් බ...